• Home
  • About Us
  • Our Services
  • Media
  • Contact Us

සාමාජිකයින්ගෙන් සාමාජිකයින්ට අත්වැලක් ව්‍යාපෘතියේ පළමු පරිත්‍යාගය ලබාදීම - 2026 ජුනි මස 19 වන දින

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සමස්ථ සාමාජිකයින්ගේ සුභසාධනය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ වර්තමාන විධායක කමිටුවේ සංකල්පයකට අනුව ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය, නාවික හමුදා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ මෙන්ම වෙනත් දානපතීන්ගේද පූර්ණ ආධාර සහ මූල්‍ය දායකත්වය මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි.

නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා ලෙස රාජකාරී සිදුකර අප අතරින් වියෝවී සිටින වෛද්‍ය රියර් අද්මිරාල් එන්ජී අටුලුගම යන නිලධාරීයා වෙනුවෙන් ඔහුගේ ආදරණිය බිරිඳ වන චාමිනී අටුලුගම මහත්මිය විසින් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පරිත්‍යාග කරන ලද රෝද පුටුව, දැනට අසනීප තත්වයේ සිටින නාවික හමුදාවේ හිටපු ලුතිනන් එම්අයි වික්‍රමආරච්චි යන කාන්තා නිලධාරිණිය හට ඇයගේ ඉල්ලීම මත, මෙම ව්‍යාපෘතිය විසින් සාමාජිකයින් වෙත ලබාදෙන පළමු පරිත්‍යාගය ලෙස 2026 ජුනි මස 19වන දින, සංගමයේ ගරු උප සභාපති රියර් අද්මිරාල් එච්ජේඒ ගමගේ (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් නාවික මහ රෝහල (කොළඹ) හිදී එම සාමාජිකාව වෙත තාවකාලිකව ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා සංගමයේ ගරු ලේකම්, ගරු භාණ්ඩාගාරික සහ සාමාජිකයින් කිහිප දෙනෙකු මෙන්ම නාවික මහ රෝහල (කොළඹ) හි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී (සෞඛ්‍ය) සහභාගී වන ලදී.

Have a Question?

  • Sri Lanka Naval Assosiation, PO Box 593, Colombo 01.
  • 0117193971
  • 13977 / 13971
  • slnasso@navy.lk

Links

  • Home
  • About Us
  • Our Services
  • Media
  • Contact Us

Connect With Us

How to reach

Copyright © Sri Lanka Navy 2020 | Designed and maintained by Directorate of Naval Information Technology