ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ විධායක කමිටු සාමාජිකාවක් සහ නාවික හමුදා පළමු කාන්තා බඳවා ගැනීමේ ගෞරවණීය සාමාජිකාවක් වන ප්‍රධාන සුළු නිලධාරී තිලෝකා සමරසිංහ(විශ්‍රාමික) විසින්, ශ්‍රී ලංකා නාවික සංගමය මඟින් ආරම්භ කර ඇති ‘සාමාජිකයන්ගෙන් සාමාජිකයන්ට අත්වැලක්’ ව්‍යාපෘතිය වෙත 2026 ජූලි මස 11 වන දින රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
එතුමිය විසින්, ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති රියර් අද්මිරාල් ඒආර් අමරසිංහ (විශ්‍රාමික) වෙත එම රෝදපුටුව භාරදීමට කටයුතු කළ අතර, එම අවස්ථාව සඳහා සංගමයේ ගරු උප සභාපති රියර් අද්මිරාල් ජයන්ත ගමගේ (විශ්‍රාමික), සංගමයේ ගරු ලේකම් පාප්රසුනි ඒඑස් කුමාරප්පෙරුම (විශ්‍රාමික), ගරු භාණ්ඩාගාරික පාප්රශි (ගුවි) ඒකේආර් අතුකෝරල (විශ්‍රාමික) යන ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ සාමාජිකයින් සහ විධායක කමිටුව නියෝජනය කරනු ලබන සියලු සාමාජිකයින් සහභාගී වන ලදී.