1987 වර්ෂයේ නාවික හා සාගරික විද්යාපීඨ 16වන කැඩෙට් නිලධාරී බඳවා ගැනීමට අයත් නිලධාරීන් විසින්, යුද්ධයේදී මිය ගිය ඔවුන්ගේ බඳවා ගැනීමට අයත් පහත නිලධාරීන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන්, ශ්රී ලංකා නාවික සංගමය මඟින් ක්රියාත්මක කරනු ලබන ‘සාමාජිකයන්ගෙන් සාමාජිකයන්ට අත්වැලක්’ ව්යාපෘතිය වෙත වෙත 2026 අගෝස්තු 08 වන දින රෝද පුටු 03ක් පරිත්යාග කරන ලදී.
1992 අගෝස්තු 08 වන දින දිවි පිදූ ලුතිනන් කොමාන්ඩර් සීබී විජේපුර , 1993 අගෝස්තු 29 වන දින දිවි පිදූ ලුතිනන් කොමාන්ඩර් යූඑස් සේනානායක , 1996 ඔක්තෝබර් 26 වන දින දිවි පිදූ ලුතිනන් කොමාන්ඩර් ඒඩී නානායක්කාර
ශ්රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති රියර් අද්මිරාල් ඒආර් අමරසිංහ (විශ්රාමික) වෙත එම රෝදපුටු නිල වශයෙන් භාරදීම, රියර් අද්මිරාල් කේජේ කුලරත්න (විශ්රාමික) විසින් සිදු කරන ලදී. රියර් අද්මිරාල් තිලක් සිගේරා (විශ්රාමික), කොමාණ්ඩර් කපිල ඔබේසේකර (විශ්රාමික) සහ කොමාණ්ඩර් ජානක රුවන්පතිරණ (විශ්රාමික) යන 16 වන බඳවා ගැනීමේ නිලධාරීන් කිහිපදෙනෙකු එම අවස්ථාවට සහභාගීවූ අතර, නාවික හමුදා සංගමයේ ගරු ලේකම් සහ ගරු භාණ්ඩාගාරික ඇතුළු විධායක කමිටුව ද එම අවස්ථාව සඳහා සහභාගී වන ලදී.