ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සමස්ථ සාමාජිකයින්ගේ සුභසාධනය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය මඟින් 2026 අගෝස්තු මස 09 වන දින මෙහි දෙවන පරිත්‍යාගයද ලබාදෙන ලදී.
නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කොමාණ්ඩර් පළිහවඩන (විශ්‍රාමික) විසින් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පරිත්‍යාග කරන ලද රෝද පුටුව, දැනට අසනීප තත්වයේ සිටින මෙම සංගමයේ සාමාජිකයෙකු සහ නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රියර් අද්මිරාල් ඩීඑන්එස්සී කළුබෝවිල (විශ්‍රාමික) හට ඔහුගේ ඉල්ලීම මත තාවකාලිකව ලබාදෙන ලදී. එහදී එම රෝද පුටුව භාරගැනීම රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශණ (විශ්‍රාමික) විසින් සිදුකරන ලද අතර, පසුව ඔහු විසින් අදාල සාමාජික මහතාගේ බිරිඳ වෙත එය භාර දෙන ලදී.